ඉතිහාසයේ නොවූ විරූ ණය ගැනීමක්.. යහපාලන වසර තුනහමාරට බිලියන 4,580 ණය ගනී..

දේශප්‍රේමී වෘතිකයන්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දෙන ආකාරයට මේ වන විට ලංකාව ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ ණය උගුලක පැටලවී ඇති අතර එයට මූලික වශයෙන් වගකිව යුත්තේ පසුගිය වසර කිහිපය තුල ඉවක් බවක් නැතුව ණය ගත් යහපාලන රජයයි.

රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ ණය උගුලක් ගැන මතයක් ජනගත
කරන්නට උත්සහ කලද ආචාර්ය නාලක ගොඩහේවා කියන ආකාරයට සත්‍යය එයට හාත්පසින්ම වෙනස්ය.

2014 වසරේ ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෝකයට ණය වුනේ රුපියල් 351,952 කි මන්ද ඒ වන විට රාජ්‍ය ණය රුපියල් බිලියන 7,391 ක් වූ නිසාය.

මේ ආන්ඩුව ලංකාවේ පුරවසියෙකු ලෝකයට රුපියල් 570,047කින් ණය කොට ඇත මන්ද මේ වන විට රාජ්‍ය ණය රුපියල් බිලියන 11,971 දක්වා ඉහල ගොස් ඇති නිසාය.

කොටින්ම කියනවා නම් යහපාලන රජය වසර 3 1/2 ක් තුල මේ අය රටේ ඒක පුද්ගල ණය බර රුපියල් 218,095 කින් ඉහල දමා ඇත. ඒ අනුව 1948 ලද නිදහසින් ගොඩනැගුනු පසු වසර 67 ක් තිස්සේ රජයන් ගනනාවක් යටතේ එකතුවූ ඒක පුද්ගල ණය බර වත්මන් රජය යටතේ වසර 3 1/2 කදී 60% ක වැඩිවී ඇත.

2014දී රාජ්‍ය ණය බර දල ජාතික නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 70.1% වූ අතර අද එය 87% ඉක්මවා ගොස් ඇත.

යහපාලන රජය විසින් අපේ අනාගත පරපුර මෙලෙස ලෝකයට ණය කල විට රට සංවර්ධනය කරන්නේ කෙසේද කියා ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රශ්ණ කලේය.

– චාමින්ද කරැනාරත්න

gossip lanka