ක්‍රිකට් සල්ලි අදින්න හැදූ හොංකොං සමාගමේ කෙළි එළියට !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්ඩියා සමාගමෙන් ලැබිය යුතුව තිබූ මුදල් වංචා සහගතව මාරු කිරීමට ගිය හොංකොං ගිණුමේ අයිතිකරුවන්ව හෙළිවී තිබේ.

අදාළ ගිණුම Fanya Silu Co, Limited වෙත අයත් එකකි.

එම සමාගම ආරම්භ කර ඇත්තේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී චීන ජාතිකයකු වන Zhang Xiaoming නැමැත්තෙකු විසිනි.

සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට අදාළ අය විසින් හොංකොං හි සමාගම් රෙජිස්ටාර් වෙත ඉදිරිපත් කරන ලද අයැදුම් පත්‍රය පහත දැක්වේ.






































කෙසේවුවද, අදාළ මුදල් එම ගිණුමට ලැබීමට පෙර මේ චීන ජාතිකයා එම සමාගමෙන් ඉල්ලා අස්ව ඇති බවද හෙළිව තිබේ.

ඉන් පසුව එම සමාගමට තවත් තිදෙනෙකුගේ නම් එක් කිරීමට කටයුතු කර ඇතත් අදාළ වංචාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිවූ වහාම එම පුද්ගලයන්ගේ නම් ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද පැවසේ.

ඊට ආදළ තොරතුරු පහතින්..

gossip lanka