Exclusive : ජන බල විරෝධය පැවැත්වෙන ස්තානය මෙන්න.. කොළඹ සියළු මාර්ග අවහිර වීමට නියමිතයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොලඹට’ විරෝධතාවය පස්වරු 02 ට පමණ ආරම්භ වීමට නියමිතය.

විරෝධතාවය ආරම්භ වන ස්ථානය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය
විසින් හෙළිදරව් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විරෝධතාවය සදහා පිටකොටුව බෝගහ ආසන්නයේ දී එක්වීමට නියමිත බවද සදහන්ය.

ගම්පහ දිස්ත‍්‍රක්කයේ පිරිසට සම්බන්ධ වන්නැයි උපදෙස් ලැබී ඇත්තේ පංචිකාවත්ත හන්දියටයි. ඔවුන් මාර්ග පහකින් පමණ කොටුව දෙසට ගමන් කිරීමට නියමිතව ඇත.

අනෙක් දිස්ත‍්‍රික්ක සදහාද ඔවුන් එන මාර්ගයන් අනුව කොළඹ මාර්ගයන් වෙන් වෙන් වශයෙන් බෙදා දී ඇති අතර කොළඹ නගරයේ සියළු තදාසන්න මාර්ග විරෝධතාවය හේතුවෙන් අවහිර වනු ඇතැයි සදහන්ය.

විරෝධතාකරුවන් පළාත් ලෙස බෙදී පෙලපාලි 06කින් විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට නියමිතය.

විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ලේක්හවුස් වටරවුම අදලදීය.

මේ අතර ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට සංචාරයේ යෙදී සිටින ඇමෙරිකානු පුරවැසියන් ගෙන් ඉල්ලා සිටින්නේ විශාල ජනකායක් අද විරෝධතාව පවත්වන නිසා එම ස්ථානයන් හැකිතාක් මගහැර සංචාරයේ යෙදෙන ලෙසයි.

gossip lanka