ජොන්ස්ටන්ගේ ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලීම හෙට

නඩුව අවසන් වනතුරු කුරුණෑගල මහාධිකරණය තමන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගත් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ ප්‍රතිශෝධන  පෙත්සම හෙට ( 12) සලකා බැලීමට අභියාචනාධිකරණය අද (11) තීන්දු කළේය.

මේ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව
නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමි  වික්‍රමසේකර  මහත්මිය කල් ඉල්ලා සිටීම හේතුවෙන් මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම හෙටට කල් තැබිණි.

පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවන් වන ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් ඉදිරියේ අද (11) කැදවිණි.

ලංකා සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව නඩු පවරා තිබූ අතර එම නඩු විභාගය ආරම්භ කල අවස්ථාවේදීය.එය නීතියට පටහැනි බව පෙත්සමේ සදහන් වේ.

හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ඔහුගේ පෞද්ගලික ලේකම්වරයකු වු මොහොමඩ් හකීර් සහ සතොස  හිටපු සභාපතිවරයකු වු නලීන් ප්‍රනාන්දු යන තිදෙනාට එරෙහිව


නඩුව අද (11) දින සිට අඛණ්ඩව විභාගයට ගැනීමට නියමිතය.

gossip lanka