අනිද්දා (05) කොළඹදී පැවැත්වීමට නියමිත ‘ජනබලය කොළඹට’ විරෝධතාව පවත්වන ස්ථානය හා විරෝධතාවේ විවිධ ස්වරූප පිළිබඳව අවසන් තීරණ ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට (04) පැවැත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ
නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා පවසනවා.
රටපුරා සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කොළඹට පැමිණ විරෝධතාවේ යෙදිය යුතු ආකාරය පිළිබඳව යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙන බවත් ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
‘ජනබලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් ඊට මුහුණ දියයුතු ආකාරය සහ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සාර්ථක වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කරන බව ද මන්ත්‍රිවරයා අවධාරණය කළා.
කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂගේ නිල නිවෙසේදී හෙට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.
අවසන් තීරණය ගැනීමට මහින්ද ඇතුළු ඒකාබද්ධය හෙට රැස්වෙයි
2018-09-03T15:08:00+05:30
Gossip Lanka Hot News
slide|