චීනය-ඉන්දියාව බැලන්ස් කරන හැටි මම දන්නවා.. මට වැදගත් වන්නේ ලංකාවයි.. මං එදා මහින්දමයි.. වෙනස් වෙලා නෑ..- ඉන්දීය නාලිකා මහින්ද සමග කල සම්පූර්ණ සාකච්චා මෙන්න…

තෙදින ඉන්දීය සංචාරයක යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එරටදී මාධ්‍ය නාලිකාවන් කිහිපයක් සමගම සාම්මුඛ සාකච්චා පවත්වා ඇත.

ඉන්දියාව පමණක් නොව බටහිර රටවල්ද අදා සිතා සිටියේ යුද්දය ජය
ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාවක් නැති බව යයි රාජපක්‍ෂ මහතා එහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් යුද්දය ජය ගැනීමට හැකි යයි තමන් දැඩි විශ්වාසයකින් සිටි බවත් තමන් යුද්දය ආරම්භයේ සිටම හොදින් අධ්‍යනය කර තිබූ බවත් ඔහු සදහන් කලේය.

තමන් නැවත බලයට පැමිණියහොත් ඉන්දියාව සහ චීනය මනාව තුලනය කරන බවත් තමන් වැඩිපුරම සැලකිලිමත් වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව නිසා මෙම බලගතුන් තුලනය කිරීම වඩා වැදගත් බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

පසුගිය මැතිවරණයේ දී ඔවුන් යම් පාඩමක් ඉගෙන ගත්තා යැයි තමන් සිතන බවත් එනිසා එළැඹෙන මැතිවරණයේදී ඉන්දියාව මැදිහත් වේ යැයි තමන් නොසිතන බවත් රාජපක්ෂ මහතා පැවැසී ය.

යහපාලනය යනු ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලයට පමණක් කියූ වචනයක් බව දැන් යහපාලනයක් නැති බවත් අගමැති හා ජනාධිපති දෙදෙනා දෙපසට අදිමින් සිටින බවත් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by