මහින්ද ගැන ඉන්දියාවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (photos)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බොහෝ දුරට ශ්‍රී ලංකාවේ මීලඟ ජනාධිපතිවරයාවනු ඇති බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පවසනවා.
මහින්ද රාජපක්ෂ ඊයේ නවදිල්ලි නුවර වෙත පැමිණීමත් සමග සුබ්‍රමනියම්
ස්වාමි නිකුත් කළ ට්විටර් පණිවිඩයකයි මේ බව සඳහන් වී ඇත්තේ.
“ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ බොහෝ දුරට ඊළඟ ජනාධිපති විරාත් හින්දුස්ථාන් සංගම් ආරාධනයට අනුව නවදිල්ලියට පැමිණියා. ඔහු 12 වන දා ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා සහ ඉදිරි දැක්ම පිළිබඳව ප්‍රසිද්ධ රැස්වීමක් ඇමතීමට නියමිතයි”
තුන්දින සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ අලූයම ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවුණා.
ඔහු පිළිගැනීම සඳහා එරට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි නවදිල්ලි ගුවන් තොටුපලට පැමිණ සිටි බවයි ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ.
හිටපු ජනාධිපතිවරයා නවදිල්ලියේ පැවැත්වෙන සමුළුවක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමටයි ඉන්දියාවට පැමිණියේ.
සංචාරයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙන්ම එරට එක්සත් ප්රගතිශීලී සන්ධානයේ සභාපතිනිය වන සෝනියා ගාන්ධිද හමුවනු ඇති බව ඉන්දීය වාර්තාවල දැක්වුණා.
මේ අතර රජීව් ගාන්ධි ඝාතකයින්ට නිදහස ලබා දීමේ තීරණය පිළිබඳව ඉන්දීය මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.
ඔහු එයට පිළිතුරු දෙමින් කියාසිටියේ එය ඉන්දියාවේ කටයුත්තක් බැවින් තමාට ඒ පිළිබඳව කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවැති බවයි.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍යවේදීන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කොට සිටි අවස්ථාවේ, LTTE සංවිධානයට තමන් ශ්‍රී ලංකාවේ දී නිසි දඬුවම් ලබා දුන් බවත්, රජීව් ගාන්ධි ඝාතකයින් පිළිබඳ තීරණය ඉන්දියාවේ නීතිමය කටයුත්තක් බැවින් තමන්ට ඒ පිළිබඳව කිසිදු අදහසක් පළ කිරීමට නොහැකි බවත් මහින්ද රාජපක්ෂ පවසා සිටියා.
මහින්ද ගැන ඉන්දියාවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (photos)
2018-09-12T08:28:00+05:30
Gossip Lanka Hot News
slide|