නවක වදයට ජනපතිගෙන් දැඩි දඬුවම්

නවක වදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින්, නවක වදයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබා දීමේ නීති ඉදිරියේ දී ක‍්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පවසයි.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය විනාශ කරන එම වැඩපිළිවෙළට ඉඩ තැබිය නොහැකි අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය
ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ද ඉදිරියේදී රජය විශේෂ වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ, ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ඉදිකිරීමට යෝජිත පොළොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනය සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාවට ඊයේ (07) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ විශ්වවිද්‍යාල වරම් ලැබුව ද නවක වදය හේතුවෙන් පසුගිය කාලය තුළ විශ්විවද්‍යාලවලට ඇතුළත් නොවු සිසුන්ගේ සංඛ්‍යාව 1500 කට වැඩි බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බවයි.

එමෙන්ම පසුගිය වසර 25 තුළ නවක වදය හේතුවෙන් මිය ගිය සිසුන් සංඛ්‍යාව 25 කට ආසන්න බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන් මානසිකව මෙන්ම ශාරිරිකව ද පීඩාවට පත්වූ පිරිස දහස් ගණනක් බව කියා සිටියේය.

සුළු පිරිසකගේ මෙවන් ම්ලේච්ඡ කි‍්‍රයාකාරකම් හේතුවෙන් බහුතරයක් දරුවන්ගේ අනාගතය විනාශවීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අද ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් බිලිගෙන තිබෙන අතර, රට භාරගැනීමට සිටින දරු පරපුර අතර ම්ලේච්ඡත්වය පැතිරවීමට දරන එම උත්සහයන් පරාජය කළයුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබ`දව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ලෝකයත් සමඟ ඉදිරියට යන රටක් ලෙස මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදුවිය යුතු ප‍්‍රතිසංස්කරණ සඳහා ඇතැම් අවස්ථාවල දී අධ්‍යාපන විශේෂඥයින් තවමත් සුදානම් නොමැති තත්වයක් පෙනෙන්නට තිබෙන බවයි.

ජනපි‍්‍රය යැයි සැලකෙන ඇතැම් පාසල් සඳහා වාර්ෂිකව අධික සිසුන් පිරිසක් ඇතුළත් කර ගැනිම පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහීමට එක් හේතුවක් වී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා මෙවන් අභියෝගකාරී තත්ත්වයන් පිළිබඳ වගකිවයුතු පිරිස්වල අවධානය නිසි කලට යොමුවීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

වෘත්තීය අධ්‍යාපනයේ තිබෙන සාම්ප‍්‍රදායික තත්ත්වයන් වෙනස් කරමින් අලූත් ලෝකය සහ නවීන තාක්ෂණය සමඟ එය යාවත්කාලීන වීමේ වැදගත්කම ද පැහැදිළි කළ ජනාධිපතිවරයා ජාතික නිෂ්පාදන කි‍්‍රයාවලියට, තාක්ෂණික, හා කර්මාන්ත ක්ෂේත‍්‍රවලට අවශ්‍ය වෘත්තීය කුසලතා සපිරි දක්ෂ තරුණ තරුණියන් පිරිසක් මෙන්ම විදෙස් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත් පුහුණු ශ‍්‍රම බලකායක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

නවීන තාක්ෂණික පහසුකම් සහිත පොළොන්නරුව නව  වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය පාරේ, දොර දෙක ප‍්‍රදේශයේ පිහිටි අක්කර 17 ක භූමි භාගයක ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6500 කි.

නෙදර්ලන්ත රජය ඊට ණය පහසුකම් සපයයි. නවීන තාක්ෂණික පහසුකම් සහිත මෙම පුහුණු ආයතනය ම`ගින් ජාතික වෘත්තීය සුදුසුකම් භඪූ  4 හා 5 වන මට්ටමේ තාක්ෂණික ශිල්පීන් හා ඩිප්ලෝමාධාරින් 1325 ක් සඳහා වාර්ෂිකව පූර්ණ කාලීන පාඨාමාලා පුහුණුව ලබාදීමටත් ඊට අමතරව රැකියාවේ නියුතු වෘත්තිකයන් සඳහා තාක්ෂණික දැනුම යාවත්කාලීන කිරීමේ අර්ධකාලීන පාඨාමාල පැවැත්වීමටත් යෝජිතයි.

gossip lanka