ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා දෙකක් – ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරය අද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරය අද ආරම්භවනවා.

සැසිය අද සිට ලබන 28 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැකසූ විශේෂ වාර්තා දෙකක්
මෙවර සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී කමිටුව හා සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග‍්‍රීෆ් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසු වාර්තා දෙක මෙවර සැසියට ඉදිරිපත් කෙරෙනු ඇති.

බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී කමිටුවේ නියෝජිත පිරිසක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී මෙරට පැවති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ලබා ගත් තොරතුරු අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකසා තිබෙනවා.

පසුගිය වසරේ වසරේ ඔක්තෝබර් මාසයේදී සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී. ග‍්‍රීෆ් විසින් මෙරට සිදු කළ සංචාරයකින් පසුව ඔහු ද විශේෂ වාර්තාවක් සකසා ඇතැයි සඳහන් වනවා.

gossip lanka