ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායකත්වයෙන් ඇන්ජලො මැතිවුස් ඉවත් කිරීමට ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම දිගින් දිගටම පරාජයන් ලැබූ අතර එම පරාජයන් සැක සහිත බවට දැඩි ආන්දෝලනයක්ද හට ගත්තා.
මෙවැනි පසුබිමක පුහුණුකරු සහ තේරීම් කමිටුවේ තීරණය මත
ඇන්ජලො මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ප්‍රධාන පුහුණුකරුගේ නියමයෙන් සීමීත නව නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙතම පැවරී තිබෙනවා. දිනේෂ් චන්දිමාල් ප්‍රසිද්ධව ඇත්තේ දක්ෂ නායකත්වයක් සහිත ක්‍රීඩකයෙකු ලෙසයි.
මේ අතර මැතිවුස් සදහන් කරන්නේ තේරීම් කමිටුවට අවශ්‍ය නම් තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනිමට පවා සුදානම් නමුත් තමන්ට තවදුරටත් හොදින් ක්‍රීඩා කළ හැකි බව තමන් විස්වාස කරන බවයි. නව නායකයාට උපරිම දායකත්වය ලබා දෙමින් ඉදිරි තරග ක්‍රීඩා කිරීම තමන්ගේ අරමුණ බවට මැතිවුස් පවසනවා. ඒ අනුව මැතිවුස් ක්‍රීඩකයෙකු වශයෙන් දිගටම කණ්ඩායමේ රැඳි සිටිනු ඇත.
කෙසේ වෙතත් මින් පෙරද මැතිවුස් නායකත්වයෙන් ඉවත් වූ අතර ටික කලකට පසු ඔහු නැවතත් නායකත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළම බළධාරියෙකු කටයුතු කළා.
"ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් ඉවතට, නායකත්වය චන්දිමාල්ට" හතුරුගෙන් තීරණයක්!
2018-09-24T08:12:00+05:30
Gossip Lanka Hot News
slide|