මර්වින් යලි පිටියට.. උතුරු මැද මහ ඇමති අපේක්‍ෂකයා ලෙස මැතිවරණයට…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සශා මැතිවරනයේදී උතුරු මැද පළාත් මහ ඇමති ධුරය සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා තරග කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සඳහා දැනටමත් ඔහු අනුරාධපුර පොළොන්නරු දිස්ත්‍රික්ක මූලික
කරගෙන සංවිධාන කටයුතු පවත්වා ඇති බව ද පැවැසේ.

මැතිවරණයට තරඟ වැදීම සඳහා තමන් විසින් දැනට ටික කලකට පෙර ආරම්භ කරන ලද දේශපාලන පක්‍ෂයක් හිටපු ඇමතිවරයා විසින් තෝරාගෙන ඇති බවද වාර්තා වේ.

හිටපු ඇමතිවරයා දැනටමත් පළාත තුල ආගමික නායකයන්, ප්‍රභූවරුන්, ප‍්‍රාදේශීය දේශපාලකයන් හමුවී සාකච්ඡා කර ඇති බව ද දැනගන්නට ඇත.

උතුරුමැද පලාත් සබාව දැනට විසුරුවා හැර වසරකට වැඩි කාලයක් ගත වන අතර ඉදිරි වසරේදී එය පැවැත් වේ යැයි අනුමාන කෙරේ.

gossip lanka