නාලක වෙනුවෙන් පූජිත CID ය හා ගැටුමක : පරීක්ෂණ ඇණහිටලා

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කිරිමට කුමන්තුණය කළ බව කියන ත්‍රස්ත විමර්ශන එකකයේ නියොජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද පරික්ෂණය අනුව වහාම ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අපරාධ පිරික්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා ඇතත් එම ඉල්ලීම
ඉවත දමා ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ පරීක්ෂණ වලදී නාලක සිල්වාගෙන් පරීක්ෂණ සිදු කළ නිලධාරීන්ට බලපෑම් එල්ලවී ඇති බවද පැවසේ.

සිල්වා මහතාව අනිවාර්ය්‍ය නිවාඩු යනව ලෙසට හෝ වැඩතහනම් කරන ලෙසට පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත්තේ මේ තත්ත්වය නිසාය.

එහෙත් එම ලිපිය බලා පොලිස්පතිවරයා එය ගෝරනාඩු කරමින් එය විසි කර ඇති බවට පොලිස්පති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.


gossip lanka