ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සිදු වූ බවට චෝදනා කරමින් මාධ්‍ය හමුවක් පවත්වන ලද දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂ වරකාපොල ප්‍රදේශයේ පවත්වන උත්සවයක් සඳහා සහභාගී කරවා ගැනීමට දැඩි උත්සාහයක් දරා ඇති බව වාර්තා වෙයි.
කෑගල්ල ප්‍රාදේශීය දේශපාලකයකු හරහා ඔවුන් දෙදෙනා මෙම උත්සවයට සහභාගී කරවා ගැනීමට නාමල් කුමාරගේ විසින් උත්සාහ දරා ඇතත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොදක්වා හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා එම උත්සවයට සහභාගි වී නැත.
මෙම උත්සවයට ඔවුන් දෙදෙනා සහභාගී කරවා දෙන ලෙස නාමල් කුමාර විසින් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිට ඇති බව ද සඳහන්ය.
තම ඉල්ලීම ඉටු කරන්නේ නැතිනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවය සඳහා කැඳවා ගන්නා බවද නාමල් කුමාර මහතා සඳහන් කර ඇත.
මෙම උත්සවය පවත්වා හිටපු ජනාධිපතිවරයා හා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කැඳවා ගැනීමට උත්සාහ දරා ඇති දැනට මාස තුන හමාරකට පමණ කාලයකට පෙරයි.
බියකරු කුමන්ත‍්‍රණය හෙලිවේ.. මහින්ද-ගෝටා වරකපොල උත්සවයකට ගෙන්වාගන්න නාමල් කුමාර සැක කටයුතු උත්සාහයක..
2018-09-27T08:28:00+05:30
Gossip Lanka Hot News
slide|