වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා නිලධාරී කමිටුවක් පත්කිරීමටද කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
සයිටම් වෛද්‍ය පීඨයේ දීර්ඝ කාලයක සිට පැවැති අර්බුදයට පිළියමක්
වශයෙන් එහි අධ්‍යාපනය ලබමින් සිටි 900කට ආසන්න වෛද්‍ය සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර පියවර ගෙන තිබුණි.
සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධව ක්‍රියාත්මක වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල මීට පෙර රජයට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබුණි. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පාලන අධිකාරිය සමග ඇතිකරගත් එකඟතා ගිවිසුමක් මත එම පවරා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේද අවසර ලබාදී තිබුණි.
පානුක රාජපක්ෂ
නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාව යටතට
2018-09-06T10:20:00+05:30
Gossip Lanka Hot News