මිල සූත්‍රය තෙල් ඇමතිගේ මගඩි සූත්තරයක්

ජනතාව කිසිම දිනක දැක නැති හා ජනතාවට බලා ගැනීම සඳහා ඉදිරිපත් කර නැති ඉන්ධන මිල සූත්‍රය නැමැති ‌‌ගෝනි බිල්ලා ඉදිරියට දමා එක් රැයකින් ඉන්ධන මිල ඉහළ දමන්නේ ඛණිජ තෙල් සංස්ථාවේ මේ වන විට සිදු වන මහා පරිමාන වංචා දූෂණ නිසා බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

ඇමතිවරයාගේ නෑදෑ හිතවතුන් විසින් මේ වන විට ඛණිජ තෙල් සංස්ථාව
පාලනය කරනු ලබන අතර ඔවුන් විසින් හිතුමතේ ඛණිජ තෙල් සංස්ථාවේ මුදල් කාබාසිනියා කර දමමින් සිටී. එයට ආසන්නම උදාහරණය වන්නේ 1996 ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඇමතිවරයා විසින් භෝජන සංග්‍රහයක් පැවැත්වීමය.

තවද ඛණිජ තෙල් පිරිපහදුවේ අතුරු ඵලයක් ලෙස ඉවත් කරනු ලබන දැවි තෙල් සඳහා වෙනත් රසායනික යොදා අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ඛණිජ තෙල් සංස්ථාව තුළ ක්‍රියාත්මක අතර මීට මාස කිහිපයකට පෙර ඒසේ කවලම් කරන ලද තෙල් අඩංගු බවුසර් දෙකක් අත්අඩංගුවට ගෙන නියමිත පරීක්ෂණවලින් පසුව එම බවුසර් දෙකේ අඩංගු දැවි තෙල් නැවත සපුගස්කන්ද පිරිපහදුව වෙත යැවීමට නියෝග කරනු ලැබුවත් විමර්ශන අංශයේ සේවයේ නියුතු ඇමතිවරයාගේ සමීප නෑයකුගේ මැදිහත් වීම මත එම බවුසර් දෙක නැවත හිමිකරුවන් වෙත නිකුත් කර ඇත.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවන මහාපරිමාන වංචා දූෂණ ඉදිරියේදී හෙළි කිරීමට එම සංවිධානය බලාපොරොත්තුවෙන් සිටී.

ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවන වංචා දූෂණ නිසා සමස්ත ඉන්ධන පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට සිදුවීමත් රජය මේ පිළිබදව කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීමත් කණගාටුදායක බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටී.


- srilankamirror
gossip lanka