ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කරවීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මේ වන විට කලින් සිටි නොසන්සුන් තත්වය පහව ගොස් සාමාන්‍ය
සන්සුන් තත්ත්වයෙන් කටයුතු කරන බව අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කර ඇත.
මීට හේතුව ලෙස සඳහන් වන්නේ අදාළ මෙම චෝදනාවට කෙලින්ම වග කිව යුතු අයකු සම්බන්දයෙන් සඳහා ප්‍රබල සාක්ෂියක් මතුව තිබීම බවද අදාල වාර්තාවේ දැක්වෙයි.
කෙසේ වෙතත් යුහුසුළුව කටයුතු කළයුතු වූ චෝදනාවක් වන ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්රණ චෝදනාවල අදාළ පරීක්ෂණ මේ වන විට ඉතා මන්දගාමීව සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ නිලධාරීන් අතර ද නොසතුටක් ඇතිව තිබෙන බවද පැවසෙයි.
ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමකට ලක් කළ හොත් මීට සම්බන්ධ තවත් ප්‍රබල නම් කිහිපයක් හෙළිදරව් වනු ඇති බවට ද එම වාර්තාවන් හි වැඩිදුරටත් දැක්වෙයි.
මෛත්‍රී-ගෝටා ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ රට හෙල්ලෙන නම් හෙලිකරන්න යයි..?
2018-09-18T08:27:00+05:30
Gossip Lanka Hot News
slide|