ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ඇමෙරිකානු සංචාරය නිම කර දිවයිනට පැමිණි වහාම බරපතළ මූල්‍ය අක්‍රමිකතාවලට සම්බන්ධ රජයේ ප්‍රබල ඇමැතිවරු කිහිපදෙනකු සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මූල්‍ය අක්‍රමිකතාවලට සම්බන්ධ පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
නියෝජනය කරන ඇමැතිවරයකු ද සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම දැනට චෝදනාවලට ලක්ව ඇති රජයේ ආයතන කිහිපයක් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.
මේ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන හේමසිරි ප්‍රනාන්දු රාජ්‍ය ආරක්ෂක ලේකම් ධුරයට පත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
කමණී හෙට්ටිආරච්චි
ජනපති පැමිණි වහාම තීන්දු රැසක්
2018-09-29T14:53:00+05:30
Gossip Lanka Hot News
slide|