පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව නීතිය හා සාමය බාර නියෝජ්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය බාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දීමක් කර ඇති බව ද නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
මේ අතර, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සති
දෙකක කාලයක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන ලෙස අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා විසින් කිසිදු දැනුම් දීමක් නොකළ බව ද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.
අද(20) උදෑසන පාර්ලිමේන්තුවේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනකහේරත් මහතා විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමක දී එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ, අග්‍රමාත්‍ය කාර්යාල විසින් මෙවැනි දැනුම් දීමක් කළ බවට සිදුකරන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවයි.
ඇතැම් පෞද්ගලික නාලිකාවල පොලිස්පතිවරයාට සති දෙකක කාලයක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන ලෙස පැවසුවත් එවැන්නක් අගමැතිවරයා විසින් සිදු කරන නොමැති බව ද එහි සඳහන් වෙයි.
පොලිස්පතිට එරෙහි චෝදනා ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක්
2018-09-20T15:33:00+05:30
Gossip Lanka Hot News
slide|