2030 වන විට එජාපය අලුත් නායකත්ව පරපුරකට - එජාප නායක රනිල්

එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත්ව පරපුරක් බිහි කිරීම ආරම්භ කර තිබෙන බවත්, 2030 වන විට ඔවුන්ගේ අතට එජාපය පත් කරන බවත්  එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනමාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය විනාශ කළ නොහැකි බව ද
අගමැතිවරයා කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ 72 වැනි සංවත්සරය අමතමිනි.

‘2015 ජාතික රජයට උරුම වුණේ පුරන් වූ කුඹුරක්. අපි එය වැපිරුවා. දැන් අස්වැන්න නෙළමු.‘  යැයි ද අගමැතිවරයා කීවේය.


gossip lanka