ඛනිජ තෙල් සංස්ථාවේ ලොක්කෙක් දෛනික වේතනයට රාජකාරි කරන තරුණියකට අතවර කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ පසුව ඇයව වෙනත් ස්ථානයකට මාරු කිරීමේ සිද්ධියකට ඛනිජ තෙල් අමාත්‍යවරයා මැදිහත්වීමේ සිද්ධියක් ඛනිජතෙල් සංස්ථාවෙන් වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණිය අමාත්‍යවරයාට පැමිණිළි කර ඇති
අතර අමාත්‍යවරයා ඇගේ ස්ථාන මාරුව අත්හිටුවා තිබේ.
මේ තරුණිය මුලින්ම සේවය කර ඇත්තේ පිරිස් කළමනාකරණ අංශයේ වන අතර ඇයව දුටු අදාළ තෙල් ලොක්කා පසුව ඔහුගේ පෞද්ගලික සහයිකාව ලෙස ඇයව සේවයට ගෙන ඇත.
තරුණිය තම අණට නම්මා ගැනීමට නොහැකි වූ පසු තෙල් ලොක්කා ඇයව සපගස්කන්ද තෙල් නිමාවට ස්ථාන මාරු කර තිබූ බව පැවසේ.
ඇය මේ සිද්ධිය අමාත්‍යවරයාට දැන්වීමෙන් පසුව ඇගේ ස්ථාන මාරුව අවලංගු කර ඇයව මුදල් අංශයට මේවන විට යොමුකර ඇතැයි වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ තෙල් ලොක්කා අමාත්‍යවරයාගේ ඥාතියකු බවද පැවසේ.
තෙල් ලොක්කා කෙල්ලෙකුට කුරුමාණමක් අල්ලා වෙච්චි දේ !
2018-09-18T10:27:00+05:30
Gossip Lanka Hot News
slide|