2018 වසරේ ගත වූ මාස කිහිපය තුළ වන අලීන් 185 දෙනෙකු මියගොස් ඇති බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අද (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
2017 වසරේ අලි මිනිස් ගැටුම තුළින් වන අලීන් 270 ක් හා මිනිසුන් 85
දෙනෙකු මියගොස් ඇති බවත් මියගිය අලීන්ගේන් සියයට 75 ක ප්‍රමාණයක් මියගොස් ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
1985 වසරේ අලි ගහණය 2500 ක් බවත් වර්තමානය වන විට ගණනය කර ඇති අලි සංඛ්‍යාව 6000 ක් ඉක්මවා ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අලීන්ට සහ මිනිසුන්ට එකට ජීවත් වීමට නොහැකි බවත් සිංහරාජයේ අලි දෙදෙනා ආරක්ෂිත ස්ථානයක සිටිය යුතු බවට තීරණය කරේ ඒ අනුව බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අලි මිනිස් ගැටුම සඳහා හොඳම පිළියම වන්නේ අලි වැට බවත් අලි වැට ශක්තිමත් කිරීම සඳහා බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
තැනින් තැන ඇති අලි වැටවල් එකතු කළේ නම් දැනට කිලෝමීටර 4500 ක් දිග අලි වැටක් ශ්‍රී ලංකාව තුළ ඇති බවත් එය කෙලින් කළහොත් රුසියාවට තරම් දිග ඇති බවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
තවත් කිලෝමීටර 2500 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව අලි වැටෙහි සමස්ත දිල කිලෝමීටර 7000 ක් වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අලි වැට ඉදි කිරීමෙන් අනතුරුව අලිවැට ආරක්ෂා කිරීම සඳහා කිලෝමීටරයකට එක් පුද්ගලයෙක් බැවින් මිනිසුන් 7000 ක් බඳවා ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
සමස්ත ගම සහ එයට අයත් කුඹුරු ඇතුළුව සියල්ල ආවරණය වන පරිදි අලි වැට ඉදි කරන අතර අලීන්ට අවශ්‍ය කෑම සැපයීම සඳහා අක්කර 10000 ක් හා 15000 ක් අතර ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් වෙන් කර අලීන්ට අවශ්‍ය බෝග වර්ග වගා කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මිනිස් ඝාතන සිදුකරන අලි ඇතුන් හොරොව්පතාන ඉදිකර ඇති අලි සුරක්ෂිත ප්‍රදේශයට යැවීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අලි මිනිස් ගැටුම හේතුවෙන් 2018 වසරේ ගත වූ මාස කිහිපය තුළ වන අලීන් 185 දෙනෙක් සහ මිනිසුන් 65 දෙනෙකු මියගොස් ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
වන ජීවී දෙපාර්තමේන්තුවේ නියාමක නිලධාරීන්ට ලබාදීමට නියමිත අවිය අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
උතුරු ප්‍රදේශයේ විශාල වශයෙන් ඉඩම් නිදහස් කිරීමට තරම් අනවශ්‍ය කඳවුරු නොමැති බවත් ඉඩම් නිදහස් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් තමාගේ පැහැදීමක් නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ලංකාවේ සිට රුසියාවට දිග අලි වැටක්-ෆොන්සේකාගෙන් හෙළිකිරීමක්
2018-09-07T17:03:00+05:30
Gossip Lanka Hot News
slide|