කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දමන ලදැයි චෝදනා ලබා මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනා තමන්ව එම චෝදනාවලින් නිදහස් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අභියාචනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
එම අභියාචනා පෙත්සම් අද(25) අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ ප්‍රියන්ත
ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී විනිසුරුවරු තීන්දු කළේ අදාළ පෙත්සම් ජනවාරි මස 29 වන දා සිට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා බවයි.
පෙත්සම ඉදිරිපත් කරන නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ මොහොමඩ් සියාම් නැමැති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් මරා දමන ලදැයි කියන චෝදනාව සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තමන්ට මරණීය දණ්ඩනය නියම කළ බවයි.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම දඬුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් මේ හේතුවෙන් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු විත්තිකරුවන් හයදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
වාස් ගුණවර්ධනගේ අභියාචනාවට දින තීන්දුයි
2018-09-25T15:38:00+05:30
Gossip Lanka Hot News
slide|