මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසිදඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
උතුරු මැද සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව එම
දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
අද තැන් කීපයකට වැසි සමඟ තද සුළං
2018-09-21T07:50:00+05:30
Gossip Lanka Hot News
slide|