දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන
කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම,ඌව, සබරගමුව,උතුරු සහඋතුරු-මැදපළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි දඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහාකන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවලස්ථාන ස්වල්පයක සවස් කාලයේහෝ රාත්‍රීකාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
අදත් සවස් කාලයේ වැසි
2018-09-27T08:33:00+05:30
Gossip Lanka Hot News
slide|