තිරිඟු පිටි සදහා පාලන මිළක් පැනවිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ මේ බව කියාසිටියේ ඊයේ (31) මධ්‍යම රාති‍්‍රයේ සිට තිරිගු පිටි කිලෝවක මිළ රුපියල් 5 කින් ඉහළ දැමීමට පි‍්‍රමා සමාගම ගෙන ඇති තීරණය
සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින්.
මේ වන විට සියලු සමාගම් තමන්ට අවශ්‍ය පරිදි මිල ගණන් ඉහල දමනවා. හොදම උදාහරණය තමයි ප්‍රිමා සමාගමේ මිල ගණන් ඉහල දැමීම. මේ මිල ගණන් ඉහල දැමීමත් සමග බේකරි හිමියන්ගේ සංගමය සහ ආපන ශාලා හිමියන්ගේ සංගමය ඉදිරියේදී ඔවුන්ගේ නිෂ්පාදනවල මිල ඉහල දමන්න පියවර ගන්නවා. අපි රජයෙන් ඉල්ලනවා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා තිරිඟු පිටි සදහා පාලන මිලක් පනවන්න කටයුතු කරන්න කියලා.
නව මිළ සංශෝධනයත් සමග රුපියල් 95 ක් ලෙස පැවති තිරිගු පිටි කිලෝවක මිළ රුපියල් 100 දක්වා ඉහළ යනවා. මිළ ඉහළයාමත් සහ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිළ ගණන් සංශෝධනය කරන්නේ ද යන්න පිළිබද සාකච්ඡා කිරීමට අද (01) රාති‍්‍රයේ සිය සාමාජිකයන් රැස්වන බවයි ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ.
මේ අතර ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ මෙම මිළ වැඩි කිරීම හේතුවෙන් තිරිගු පිටි ආශි‍්‍රත ආහාර වර්ග රැසක මිළ ඉහළ දැමීමට සිදුවන බවයි. එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ඒ පිළිබද මෙලෙස කරුණු දැක්වුවා.
තිරිඟු පිටි සදහා පාලන මිලක් පනවන්න : බේකරි හිමියන් අද රැස්වෙයි
2018-09-01T12:35:00+05:30
Gossip Lanka Hot News
slide|