ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේ දී සමස්ත රාජ්‍ය වියදම
රුපියල් බිලියන 4376ක් වන අතර අයවැය පරතරය රුපියල් බිලියන 644ක් වෙයි.
එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4යි දශම එකක් බව මුදල් හා ජනධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
2014 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11යි දශම 5ක්ව පැවති රාජ්‍ය ආදායම ක්‍රමිකව වැඩි කරගනිමින් 2019 වසර වන විට සියයට 15යි දශම එක දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කර තිබේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් ණය ගෙවීම සඳහා දැරීමට සිදුවන විශාල මුදල 2019 වර්ෂයේ දී දැරීමට සිදුවන අතර ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 2057ක් වෙන් කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම අයවැය හිඟය පියවීම සඳහා 2019 වසරේ දී රුපියල් බිලියන 1944ක් දේශීය හා විදේශීය වශයෙන් ණය ලබාගැනීමට ද රජය අපේක්ෂා කරන බව අයවැය විසර්ජන පනතේ ඇතුළත් වෙයි.
අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව මෙවර ද වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 306ක්.
පළාත් සභාවලට ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 221ක් වෙන් කර ඇති අතර අධ්‍යාපන, සෞඛ්‍ය,ධීවර හා කෘෂිකර්ම ඇතුළු අමාත්‍යාංශ ගණනාවකට ගිය වසරට වඩා වැඩි මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන්කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අද දිනයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව ලබන නොවැම්බර් මස 05 වන දින සිදුකිරීමට නියමිතයි.
මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ දී මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අද පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.
2019 අයවැය අද පාර්ලිමේන්තුවට
2018-10-09T07:48:00+05:30
Gossip Lanka Hot News
slide|