14 හැවිරිදි දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ 42 හැවිරිදි පුද්ගලයෙකු සොයා ලෝක ළමා දිනයේ දී නාඋල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පෞද්ගලික මධ්‍යස්ථානයක හෙද රැකියාවක් ලබා දෙන බව පවසමින් මෙම දාහතර හැවිරිදි දැරිය රවටා ගෙන පූගොඩ ප්‍රදේශයේ සිට නාඋල
ප්‍රදේශයට රැගෙන විත් නිවසක රඳවා ගෙන ලිංගික අපයෝජනය සිදු කළ බවට අදාළ පුද්ගලයාට විරුද්ධව නාඋල පොලීසියට පැමිණිලි ලැබී අති බව වාර්තා වෙයි.
පූගොඩ ප්‍රදේශයේ ඉතා දිළිඳු පවුලක සිටි මෙම දාහතර හැවිරිදි දැරිය රවටා ගෙන නාඋල ප්‍රදේශයේ නිවසක රඳවා ගෙන සිට තිබේ.
අදාළ පුද්ගලයා කිසියම් කටයුත්තක් සඳහා දැරිය රඳවාගෙන සිටි නිවසෙන් බැහැරව ගිය පසු මෙම දැරිය සිය මවට දුරකථනයෙන් ඇමතුමක් ලබා දී කුරුණෑගල ප්‍රදේශයේට ගෙන්වා ගෙන ඇය සිටි නිවසින් පැන ගොස් තිබේ.
පසුව මව සමඟ නාඋල පොලීසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පසුව නාඋල පොලීසිය විසින් මෙම බාලවයස්කාර දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
නාඋල පොලීසිය සඳහන් කළේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ලබා දුන් වාර්තා සමඟ සහ ඒ පිළිබඳව විස්තර අද(01) නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි.
මෙම දැරිය පැහැරගෙන ආ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්පිටත්කර යැවූ බව නාඋල පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම මෙම දැරිය රඳවා තැබූ නිවසේ 42 හැවිරිදි මෙම චෝදනා ලැබ සිටින පුද්ගලයාගේ ඥාතීන් පිළිබඳ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව යටතේ ඔවුන් ද සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව නාඋල පොලීය වැඩිදුරටත් පැවසීය.
(දඹුල්ල-කාංචන කුමාර ආරියදාස)
රැකියාවක් දෙන මුවාවෙන් සිදු කළ ලිංගික අපයෝජනය
2018-10-01T15:25:00+05:30
Gossip Lanka Hot News
slide|