කඩුවෙල පැණි වරකයට හෙන වදී.. බුද්දදාස ප‍්‍රසිද්ධියේ සුසිල්ට බැණ වදී.. අමුඩ දෙකම බිම..

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ය කඩුවෙල ආසන සඳහා අපේක්ෂකයන් තෝරා ගන්නා ලද්දේ තමන් විසින් එහි පාර්මේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශය හෙළා දකින බව ද කඩුවෙල හිටපු නගරාධිපති ජි.එච්. බුද්ධදාස මහතා පවසයි.

එම මැතිවරණයේ දී පරාජාය සඳහා මුල පුරන ලද්දේ සුසිල් පේ‍්‍රම්ජයන්ත්
මහතා විසින් බවත් ඔහු දෙපැත්තේ කකුල තියාගෙන සිටීම පරාජයට මුල් වූ බවත් හිටපු නගරාධිපති වරයා සඳහන් කළේය.

පසුගිය මහමැතිවරණයේදී සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් එක් ලක්ෂ ගානක් මනාප ලබා ගත්තේ විමල් වීරවංශ මහතාට පින් සිදුවෙන්න බවද යයිද නගරාධිපතිවරයා කියා සිටියේය.

කඩුවෙලදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

දීර්ඝකාලීන දේශපාලන මිතුරකු වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාට දැඩි විවේචනය එල්ල කිරීමත කලක් තිස්සේ දේශපාලන එදිරිවාදිකමක් පවත්වාගෙන යමින් සිටින විමල් වීරවංශ මහතාට කිසිදු දොසක් නොනැගීමත් මෙම මාධ්‍ය හමුවේ දී විශේෂයෙන් දැකබලාගත හැකි විය.

gossip lanka