පළමු වසරට සිසුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල චක්‍රලේඛයට බස්නාහිර පළාත් සභාව සිදුකළ සංශෝධන ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
අදාළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේදී සංශෝධනයට ලක් කර ඇති
බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට තොරතුරු ලැබී තිබූ අතර ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබුණි.
ඒ අනුව අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා මේ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමක් සිදුකළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
බස්නාහිර පළාත් සභාව සිදුකළ සංශෝධන ව්‍යවස්ථාවට අනුකූල නොවන බව එහිදී නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති අතර පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ කිසිඳු වෙනසක් නොකොට ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සභාවට දැනුම් දෙන ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම තීරණය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
1වසරට සිසුන් ගැනීමේ චක්‍රලේඛනය ව්‍යවස්ථාවට පටහැනී
2018-10-19T16:41:00+05:30
Gossip Lanka Hot News
slide|