ජොන්ස්ටන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්

කුරුණෑගල මහාධිකරණය මඟින් තමන්ව නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කිරීමේ නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා  පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනා  පෙත්සම මඟින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන්
කර සිටින්නේ ස.තො.ස ආයතනයේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කුරුණෑගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති බවයි.

එම නඩුව සම්බන්ධයෙන් ඇප ලබාදී තිබියදීත් කුරුණෑගල මහාධිකරණය විසින් එම නඩු විභාගය ආරම්භ කිරීමෙන් පසුව තමන්ව නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කළ බව පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

තමන්ව නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කරමින් කුරුණෑගල මහාධිකරණය විසින් දුන් නියෝගය අහෝසි කරන මෙන් ඉල්ලා තමන් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ ද අභියාචනාධිකරණය විසින් එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළ බව පෙත්සම්කාර ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ හේතුවෙන් අභියාචනාධිකරණයේ නියෝගය නීති විරෝධී යැයි  තීන්දුවක් ලබාදෙන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අභියාචනා පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් තමන්ව ඇපමත මුදා හරින මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by