මෙවර ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් කෙටුම්පත මේ වන විට සකස් කරමින් පවතින බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව මේ මස 25 වනදා ඡන්ද හිමි නාමලේඛනයට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අත්සන් තබනු ඇති බව එම කාර්යාලය සඳහන් කළේය.
ඉන් අනතුරුව එළඹෙන ඉදිරි මැතිවරණ සඳහා මෙම නාමලේඛනය
උපයෝගි කර ගන්නා බව ද මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතුවලට අදාල අභියාචනා පරික්ෂණ කටයුතු මේ වන විට අවසන්ව පවතින බව ද එම කාර්යාලය පවසයි.
අගෝස්තු මස 10 වනදා සිට සැප්තැම්බර් මස 06 වනදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරිමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය අවස්ථාව සලසාදී තිබුණි.
එම කාලය තුළ අභියාචනා සහ විරෝධතා 86,000ක් පමණ ඉදිරිපත්ව ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
මෙම විරෝධතා සහ පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති බව ද මැතිවරණ මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
අලුත් නාමලේඛනයට මහින්දගේ අත්සන් තැබීම 25 වෙනිදා
2018-10-13T15:52:00+05:30
Gossip Lanka Hot News
slide|