ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඉකුත්දා පැවැත්වූ සාකච්ඡාවේ තොරතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (09) දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු
කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉදිරියේදී ගත යුතු තීරණ පිළිබඳ එහිදී සාකච්ඡා කරනු ඇති බවට ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරනු ඇති බවටයි පැවසෙන්නේ.
මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මීගමුවේ ඊයේ පැවති දේශපාලඥයෙකුගේ දියණියකගේ විවාහ මංගල්‍යයක දී මුණගැසී ඇති බවට ද වාර්තා පළ වුණා.
ජනපති සමග සාකච්ඡා කළ කරුණු හිටපු ජනපති දැනුම්දීමට සූදානම්
2018-10-08T08:39:00+05:30
Gossip Lanka Hot News
slide|