ඉකුත් රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැයකොට කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ඇති නඩුව අද (10) කොළඹ
මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබේ.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේය.
එහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා සභාපතිත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නොමැති වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ කහවගේ ඩග්ලස් මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදුකරනු ලැබුවේය.
වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ලබන 28 වනදා තෙක් කල් තබා ඇත.
ඉකුත් රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකොට කොළඹ කින්සි පාරේ පිහිටි නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ
මහින්දානන්දගේ නඩුව කල් යයි
2018-10-10T14:55:00+05:30
Gossip Lanka Hot News
slide|