අද(02) දිවයිනේ වයඹ, මධ්‍යම,සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන අතර, එය ඉදිරි දින කිහිපයේ ද
පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, සවස 2 න් පසුව දිවයියේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම, ඌව,සබරගමුව,දකුණ හා වයඹ පළාත්වල ඇතැම් තැන්වල මිලිමීටර 100 ඉක්මවු වැසි ද ඇති විය හැකියි.
වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද පළාත් කීපයකට වැස්ස සැරයි
2018-10-02T07:57:00+05:30
Gossip Lanka Hot News
slide|