ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ තේරීම් කමිටු සභාපතිවරයෙක් වන සනත් ජයසූරියට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය විසින් පවත්වනු
ලබන විමර්ශනයන් සදහා සහය ලබා නොදීම, බාධා කිරීම සහ එම සිද්ධීන්ට අදාල ලේඛණ සඟවා තැබීම හෝ විනාශ කිරීම යන චෝදනා දෙකක් සනත් ජයසූරියට එරෙහිව එල්ලවී ඇති බව සදහන්.
මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයාට පිළිතුරු ලබාදීමට අද (15) සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරන්නේ.
ICC දුෂණ විමර්ශන කමිටුව සනත් ජයසූරියට එරෙහිව චෝදනා ගොනු කරයි
2018-10-15T17:05:00+05:30
Gossip Lanka Hot News
slide|