මේ වසරේ අයවැය යෝජනා වලට අනුව සිදුකරනු ලබන දුම්රිය ගාස්තු සංශෝධනය අද(01) දිනයේ සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ගාස්තු සංශෝධනයට අනුව සියයට 15කින් පමණ දුම්රිය ගාස්තුව ඉහළ යනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
වසර 10කට පසුව මෙම ගාස්තු සංශෝධනය සිදුකර ඇති අතර මේ
යටතේ දුම්රිය අවම ගාස්තුව සංශෝධනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ද සංශෝධනය වන අතර ප්‍රවේශපත්‍ර සඳහා මෙතෙක් අය කළ ප්‍රතිශතයේ වෙනසක් සිදු නොවන බව සඳහන්ය.
වෙනස් වූ දුම්රිය ගාස්තු අද සිට ක්‍රියාත්මකයි
2018-10-01T07:36:00+05:30
Gossip Lanka Hot News
slide|