අද (08) පෙරවරුවේ අත්අඩංගුවට පත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර තිබෙනවා.
එහිදී රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත ඇයව මුදා හැරීමටයි නියෝග
කෙරුණේ. නඩුව යළි 12 වැනි මස 07 වැනිදා කැඳවීමට නියමිතයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඇයට චෝදනා ගොනු කර ඇති අතර ඉදිරියේදී අභියාචනාධිකරණයේ තවත් නඩුවක් ගොනු කරනා බවයි නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ.
ඇප ලබා දෙන අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සඳහන් කර ඇත්තේ ඇයට ඇප නොදීමට තරම් කරුණක් නොමැති බවයි.
අත්අඩංගුවට ගත් සැනින් විජයකලාට ඇප -සංවිධානාත්මක කොට්ටාශය ඇප දෙනවට විරුද්ද වෙලා නෑ (update)
2018-10-08T13:07:00+05:30
Gossip Lanka Hot News
slide|