අද(05) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, වයඹ, උතුරුමැද, ඌව සහ සබරගමු පළාත්වලට හා මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තඳවැසි ඇති විය
හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම කන්කසන්තුරේයි සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තදවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 45ත් දක්වා වැඩිවිමේ හැකියාවක් පවතින අතර මුහුද තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි
2018-10-05T16:18:00+05:30
Gossip Lanka Hot News
slide|