ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් තමා ඉවත් වන බවට වන ලිපිය උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා විසින් බාරදී තිබේ.
යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත අද පෙරවරුවේ අදාළ ලිපිය
බාරදී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ ලිපිය බාරදිමෙන් පසු විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් විසින් පිහිටවා ගන්නා ලද ටී.එන්.ඒ පක්ෂය සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන බවයි.
කෙසේවෙතත් තමා උතුරු පළාතේ දේශපාලන කටයුතුවලින් බැහැර නොවන බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
විග්නේෂ්වරන් TNAයට සමුදෙන ලිපිය බාරදෙයි
2018-11-08T15:46:00+05:30
Gossip Lanka Hot News
slide|