කැබිනට් මණ්ඩලය දිවුරුම්දුන් විගස අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න පවසනවා.
මේ වනවිටත් එම අතුරු සම්මත ගිණුම සකස් කරමින් තිබෙන බවයි ඔහු
වැඩිදුරටත් පැවසුවේ.
අතුරු සම්මත ගිණුම සම්මත කිරීමෙන් පසු ලබන වසරේ පළමු මාස කිහිපයේදී රාජ්‍ය වියදම් බාධාවක් නොමැතිව සිදු කිරීමට හැකි වනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ විවාදයක් ද සිදු කෙරෙනවා. කෙසේවෙතත් එය දීර්ඝ විවාදයක් නොවන බවත් ඒ නිසා අනවශ්‍ය ප‍්‍රමාදයකින් තොරව එම අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමට හැකි වන බවත් ඉරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා පැවසුවා.
කැබිනට්ටුව දිවුරුම් දුන් විගස 'එජාපෙ' ගේන යෝජනාව ගැන මතක් කරයි
2018-12-20T07:39:00+05:30
Gossip Lanka Hot News
slide|