පසුගිය පෙබරවාරි 05 වෙනිදා ඩුබායි පොලිසිය විසින් මාකදුරේ මධුෂ් සමගින් අත්අඩංගුවට ගන්නා ලද ගායන ශිල්පී අමල් පෙරේරා ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස එරට මහජන අභිචෝදකවරුන් නියෝගයක් නිකුත් කර තිබේ.
අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාබ්දිත වෙන්නප්පිලි මහතා පවසන්නේ එසේ වුවද අමල් පෙරේරා ට මෙරටට පැමිණීමට තවමත් අවස්ථාව ලැබී නැති බවයි.
අවසාන වශයෙන් එය තීන්දු කරන්නේ ඩුබායි බලධාරීන් විසින් බවත් නීතිඥවරයා සඳහන් කරයි.
මේ වන විට ඩුබායි අත්අඩංගුවට ගන්නා ලද 31 දෙනාගෙන් 23 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.
අමල් පෙරේරා ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියෝග කෙරේ !
2019-04-19T13:33:00+05:30
Gossip Lanka Hot News
slide|