එසේම අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී අයිස්, ඈෂ්, ගංජා සහ විදේශීය දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද වාර්තා වුනා.
මෙම පිරිස ඊයේ (08) රාත්‍රීයේ ගොඩගම ප්‍රදේශයේ උත්සව ශාලාවක මෙම සාදය පවත්වා ඇති අතර ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් 1000 ක ඇතුලත්වීමේ ගාස්තුවක්ද අයකර ඇති බවයි වාර්තා වුනේ.
සාදය පැවති අවස්ථාවේදී ඇතිවූ අධික ඝෝෂාකාරී බව හේතුවෙන් මීගොඩ පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා. එහිදී තරුණයින් 21 දෙනෙකු සහ තරුණියන් 9 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පැමිණි පිරිසගේ ලේඛන පරීක්ෂා කිරීමේදී 75 දෙනෙකු සහභාගි වූ බවද අනාවරණය වී තිබෙනවා.
ඔවුන් අද (09) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මීගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.