ඊයේ(19) රාත්‍රී 11.55 වන විට තවත් ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1027 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ දිනයේදී පමණක් වෛරස් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ වෛරස් ආසාදිතයින් 28 දෙනෙකු පළමුව හඳුනා ගැණුනු අතර ඔවුන් සියලුදෙනා ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සාමාජිකයින් පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
අනතුරුව තවත් එක් වෛරස් ආසාදිතයෙකු හඳුනා ගැණුනු අතර ඔහු ද නාවික හමුදා සාමාජිකයෙකු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඊයේ රාත්‍රී තවත් කොවිඩ් නයින්ටින් වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැණුනු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදය වීම හේතුවෙන් පුද්ගලයින් 445 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 569 දෙනෙකු ඊයේ දිනය වන විට සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
එම සුවය ලැබූ පුද්ගලයින් අතර නාවික හමුදා සාමාජිකයින් 209 දෙනෙකු ද සිටියි.
මේ අතර පසුගිය සති දෙකක කාලය තුළ සමාජයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ඉදිරියේ දී මී උණ සහ ඩෙංගු උණ රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
මෙරට කොරෝනා ආසාදිතයින් 1027ක් දක්වා ඉහළට
2020-05-20T09:17:00+05:30
Gossip Lanka Hot News