මත්පැන් ශාලාවල මත්පැන් තොග අවසන් !

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් වලින් සිල්ලරට මත්පැන් අලෙවි කරන සුරාසැල් පමණක් විවෘත කිරිමට ඊයේ (13) දින අවසර ලබා දිමත් සමග එම සුරාසැල් වල තිබු මත්පැන් තොග අවසන් වි ඇති බව හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය.

මාස 1 ½ ආසන්න කාලයක් සුරාසැල් වෙත අවශ්‍යය මත්පැන් තොග නිකුත් නොකිරිම නිසා (13) දින සුරාසැල් විවෘත කිරිමෙන් පසු එම සුරාසැල් වල තිබු සිමිත මත්පැන් බෝතල් තොගය (13) දින පස්වරුව වන විට අවසන් වි ඇති බව ජානක පෙරේරා මහතා කියා සිටියේය.

එම සුරාසැල්වලට අවශ්‍යය මත්පැන් තොග රැස් කිරිමට මත්පැන් නිකුත් කරන බවත් එම සුරාසැල් වලට පැමිණෙන පාරිභෝගිකයන් සෞඛ්‍යය උපදෙස් වලට අනුකුලව පැමිණෙනවාද යන්න පිලිබදව සහ මත්පැන් නිකුත් කිරිමට සුරාබදු දෙපාර්තුමේන්තුව විසින් සුරාසැල් වෙත නිකුත් කර ඇති උපදෙස් අනුව මත්පැන් නිකුත් කරනවාද යන්න පිලිබදව අධික්ෂණ කටයුතු සිදු කරන බව හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය.

ඊයේ (13) දිනට සාපෙක්ෂව (14) දින හැටන් නගරයේ විවෘත කර ඇති සිල්ලරට වෙලදාම් කරන සුරාසැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට නොලැබුණි.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by