මැති ඇමතිලාට සු⁣ඛෝපභෝගී වාහන ගෙන්වීමට තහනමක්

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන ඇතිවී තිබෙන ආර්ථික ගැටලු මුලික කරගෙන සහ ආර්ථික තත්ත්වය යළි යථා තත්ත්වයට පත්වෙන තුරු ඉදිරි වසර 05ක් යනතුරු මැති ඇමතිවරුන් හෝ රජ්‍ය නිළධාරීන්ට අලුත් වාහන ආනයනය නතර කිරීමට කටයුතු කරන බව ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවට පැමිණි කැබිනට් සම ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසුවේය.


රජය විසින් මැති  ඇමතිවරුන්ට වාහන ගෙන්වීමට කටයුතු කරමින් සිටින බවට පළවෙන විවිධ මාධ්‍ය වාර්තා සහ චෝදනා මුළුමනින්ම අසත්‍ය බවද රමේෂ් පතිරණ මහතා ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශයට අනුව මැති ඇමැතිවරුන්ට වසර 03ක් යනතුරු වාහන ආනයනය කිරීම නොකරන බවට ලබා දුන් පොරොන්දුව මේ වන විටත් ක්‍රියාත්මක වන බව වෛද්‍ය පතිරණ මහතා පැවසු අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට තුළ දැනට පවතින ආර්ථික තත්ත්ව සහ රජයේ ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙළ ගැන අවධානය යොමු කරමින් එම සීමා කිරීම වසර 05ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය.
gossip lanka