මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට එරෙහිව ඇතැම් පාර්ශ්ව එල්ල කරන චෝදනාවලින් කොමිසම සැලෙන්නේ නොමැති බවත් කොමිසමේ සාමාජිකයින් තිදෙනාම එකාවන්ව කටයුතු කරන බවත් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.
"අපි අද කමිෂන් සභාවේ වැඩිපුර කතාවුණේ ඡන්ද විමසීම ගැන නෙවෙයි. ඡන්ද විමසීම සම්බන්ධයෙන් අපි යම් තීන්දුවක් ගන්න නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙන කරුණු නෛතිකව අවසන් වන තෙක් ඡන්ද විමසීම සම්බන්ධ කාර්යයක් අපට අවසන් කරන්නට බැහැ. නමුත් කමිෂන් සභාවේ නිලධාරීන් විසින් සකස් කරගෙන යන මාර්ගෝපදේශ නැත්නම් මාර්ග සිතියම වෛද්‍යවරුන්ගේ, සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සකස් කිරීමට අපි උපදෙස් දුන්නා.
අධිකරණය දෙන තීන්දුවක් අනුව අපි ක්‍රියා කරනවා, වෙන මොකුත් අපට කරන්න බෑ. අපි සූදානම් වෙමින් ඉන්නවා. අපට තියෙන මූලික කටයුතු අපි දැනට කරගෙන යමින් පවතිනවා. නිලධාරීන්ගේ තොරතුරු රැස්කිරීම, තැපැල් ඡන්දවලට අදාළ කටයුතු, අපි ඒවා කරමින් යනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
එසේම රත්නජීවන් හූල් මහතාට එල්ල කෙරෙන චෝදනා පිළිබඳ විමසීමේදී දේශප්‍රිය මහතා පැවසුවේ "අපගේ සාමාජික මහාචාර්ය හූල් සම්බන්ධයෙන් පැමිණිලා තියෙන කරුණු සම්බන්ධයෙන් කොමිෂන් සභාව කිසිම සැලීමකට පත්වෙලා නෑ. අපි තිදෙනාම එකාකාරව වැඩ කරනවා." යනුවෙනි.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මැතිවරණ කොමිසම රැස්වීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
හූල්ට එරෙහි චෝදනාවලින් අපි සැලෙන්නේ නෑ... තිදෙනාම එකාකාරව වැඩ කරනවා - මැ.කො
2020-05-27T07:28:00+05:30
Lanka Hot News