කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබියදී එම ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. හිටපු අමාත්‍යවරයාගේ නීතිඥයන් විසින් පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.
මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව ඊයේ කොළඹ මහාධිකරණය අදාල ඇප ලබාදීමේ තීන්දුව බල රහිත කළේය.
ඒ අනුව හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් ලබා දුන් අතර ඉන්පසු රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී තිබිණි.
සේනාරත්න මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. මේ වනවිට හිටපු අමාත්‍යවරයා මීගමුව පල්ලන්සේන ප්‍රදේශයේ රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටී.
ඇප අවලංගු කිරීමට එරෙහිව රාජිත අභියාචනාධිකරණයට යයි
2020-05-14T14:05:00+05:30
Gossip Lanka Hot News
Enghish News|