රනිල්ට තවත් ලෙඩක් - මැතිවරණයට පෙර රවී නියෝජ්‍ය නායකකම ඉල්ලයි

මහා මැතිවරණයට පෙර පුරප්පාඩු වී තිබෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරය තමාට ලබාදෙන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමට උප නායක රවී කරුණානායක මහතා සුදානම් වෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. ⁣

නියෝජ්‍ය නායක ධූරය දැරූ සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට වෙනම පක්ෂයක් ගොඩ නඟා ඊට නායකත්වය දෙමින් එළැඹෙන මහා මැතිවරණයේ දී එජාප ඡන්ද කැඩීමට කටයුතු කරමින් සිටින බැවින් ඔහුව තවදුරටත් එජාප නියෝජ්‍ය නායකයා ලෙස පිළිගැනීමට නොහැකි බැවින් උප නායක ධූරය දරණ තමන් ඒ තනතුරට සුදුසුම පුද්ගලයා බව කරුණානායක මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට තීරණය කොට තිබේ.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එජාපයෙන් කඩාගෙන ගිය පිරිස සම්බන්ධයෙන් කිසිදු විනය පියවරක් ගැනීමට මෙතෙක් එජාප නායකයා කටයුතු කර නොමැත.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by