සමගි ජනබලවේගය පක්ෂය විසින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීම සදහා ලබා දුන් සියලු නාමයෝජනා අවලංගු වීමේ තත්ත්වයක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
දැනටමත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත් නීති ප්‍රවීනයන් කිහිප දෙනෙකුම දැනටමත් පෙන්වා දී ඇති පරිදි මෙම නාමයෝජනා බරපතළ ලෙස නීති විරෝධී ඒවා යැයි ද ඔහු පැවසීය.
ඔවුන්ගේ සමගි ජනබලවේගය පක්ෂය පිහිටුවීමේදී ඊට පෙර පැවති පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවත් එනිසා මෙම නාම යෝජනා අවලංගු වනු ඇති බව නීතිඥයන් පෙන්වා දී ඇතැයි ද ඔහු කියා සිටියේය.
සමගි ජනබලවේගය හිටපු මන්ත්‍රීවරුන් තිස් ගණනක් නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට දැනටමත් සාකච්ඡා කරමින් ඇතැයිද ඔහු පැවසීය.
හිරු රූපවාහිනියේ පැවැති බලය දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
සජිත්ගේ පක්‍ෂයේ නාම යෝජනා නීති විරෝධීයි.. අධිකරණයෙන් අවලංගු වීමේ බියෙන් හිටපු මන්ත‍්‍රී තිස් ගණනක් එජාපයට එක්වන්න සාකච්චා !
2020-05-15T15:40:00+05:30
Gossip Lanka Hot News
Enghish News|