වැලිසර නාවික හමුදා කදවුර මූලික කරගෙන නාවික හමුදා භටයන් අතරේ කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාමට හේතුව විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මූලික වාර්තාවකින් හෙළි කර ඇත.
එම වාර්තාව අනුව භටයන් විශාල පිරිසක් සීමිත ඉඩකඩ රැඳී සිටීම නිසා වෛරසය පැතිරීම වැඩිවී ඇත.
එනිසා මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නාවික සෙබළුන් පොකුරක් ලෙස සිටීම වැළැක්විය යුතු බවද නිර්දේශ කර ඇත.
එකී නිර්දේශය අනුව සිදුකර ඇත්තේ එම කඳවුරේ භටයන් බාහිර නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට කටයුතු කිරීමයි.
මේ අනුව නාවික භටයන් දහසකට වැඩි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවලට දැනටමත් යොමු කර සිටී.
මෙරට හමුවූ කොරෝනා රෝගීන් ගෙන් 55% ක් ම නාවික හමුදා භටයන්ය.
වැලිසර කදවුරේ සෙබළුන්ට කොරෝනා වැලදුනු හේතුව හෙලිවේ !
2020-05-21T14:59:00+05:30
Gossip Lanka Hot News
Enghish News|